නව රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වේ - බෙදුම්වාදී කතා කියූ ශිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 25, 2019

නව රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වේ - බෙදුම්වාදී කතා කියූ ශිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන්වයි

සුගිය දිනයේ බෙදුම්වාදී ප්‍රකාශ සිදු කළ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන්වා පරීක්ෂණ සිදු කිරීමට ආරක්ෂක අංශ බළධාරීන් තීරණය කර තිබේ.
ශිවාජිලිංගම් පවසන්නේ පසුගිය මැයි මාසයේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීමේ සැමරුම් සතිය නමැති වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙලෙසට තමන්ට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත කැදවීමක් සිදුකොට ඇති බවය.

හෙට(27) දිනයේ තමන්ට කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙසට දැනුම් දුන් බව ශිවාජිලිංගම් පවසනවා.

අවසන් යුධ සමයේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදි ජිවිතක්ෂයට පත්වු දෙමළ ජනතාව සැමරී‍මේ  ජන සංහාර සැමරුම් සතිය නමැති සැමරුම් වැඩසටහනක් පසුගිය මැයි මස 12 වැනිදා සිට සතියක කාලයක් පැවැත්විණ.

සිද්ධිය සම්බන්ධයෙන් ශිවාජිලිංගම් පැවසුවේ තමන් ඇතුළු උතුරේ දෙමළ ජනතාව යුද්ධයෙන් මියගිය තම  ඥාතීන් සිහි කිරීමේ වැඩසටහනක් පමණක් පැවැත්වු බවයි. යුද්ධයෙන් මියගිය සහෝදර ජනතාව සිහි කිරීම වැරද්දක් නොවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එම්. කේ ශිවාජිලිංගම් පසුගිය සමය පුරාවටම බෙදුම්වාදී ප්‍රකාශ කළ අතර එය නව රජයේ ඉහළම බලධාරීන්ගේ අවදානයට ලක්ව තිබෙන බවත් වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad