සජිත්ගේ පක්‍ෂය ලියාපදිංචියට බාර දෙයි.. ලකුණ ‘හදවත’ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 9, 2020

සජිත්ගේ පක්‍ෂය ලියාපදිංචියට බාර දෙයි.. ලකුණ ‘හදවත’

මීළඟ මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන පිහිටුවන නව සන්ධානය ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කර ඇතැයි වාර්තාවෙයි.

එහි මැතිවරණ ලකුණ ලෙස ‘හදවත’ තෝරාගෙන ඇති බව ද දැනගන්නට ඇත.
මෙම නව සන්ධානය පක්ෂය ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාල ලියවිලි මේ වනවිටත් භාරදී තිබේ.

නව සන්ධානයේ ලේකම්වරයා කවුදැයි තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad