රතන සූත්‍ර දේශනාව ඉතාමත් වටිනවා - කාදිනල් හිමි කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 15, 2020

රතන සූත්‍ර දේශනාව ඉතාමත් වටිනවා - කාදිනල් හිමි කියයි

ශ්‍රී ලංකාව පුරා රතන සූත්‍රය සජ්ඣායනය කිරීම වැනි ආධ්‍යාත්මික කටයුතු සිදුකිරීම රටේ පවත්නා තත්ත්වය සමනය කිරීමට ඉතා වටිනා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ කියා සිටියහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පසුගිය සෙනසුරාදා (15 වැනිද) කොළඹ අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙම කොවිඩ් -19 රෝගය පැතිරී යෑම වැළැක්වීම සඳහා රජය ගෙන යනු ලබන වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමක් ලෙස මාර්තු මස අග වෙනතෙක් ඉරිදා දිව්‍ය පූජාව සහ සියලුම එක්රැස් වීම් නවත්වනවා. එය මූලික වශයෙන්ම අපේ රටෙත් ලෝකයෙත් මෙම රෝගය වැළැක්වීමට ගත් පියවරක්. ඔබේ යැදුම් නිවසේ සිටම කරන්න. මේ වෙලාවේ දේශපාලන පක්ෂ වශයෙන් බෙදිලා කුලල් කා නාගෙන වෛරසයෙන් එල්ලවෙන බලපෑම් නවත්වාගන්න එකතු වෙන්න යැයි කාදිනල් හිමියෝ ඉල්ලා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad