හිස්බුල්ලාට සවුදි ආරාබියෙන් සහ ලන්ඩනයෙන් කෝටි 400ක් ලැබිලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 23, 2020

හිස්බුල්ලාට සවුදි ආරාබියෙන් සහ ලන්ඩනයෙන් කෝටි 400ක් ලැබිලා !

රුපියල් කෝටි 400ක මුදලක් ගැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට සම්බන්ධ ලංකා බැංකුවේ ගිණුම් දෙකකට සවුදි ආරාබියෙන් සහ ලන්ඩන්වලින් ලැබී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ (23) අනාවරණය විය.

මෙම තොරතුරු ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාකාවේ හිටපු කලමනාකාරිණිය හෙළිකළාය.

බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ් පුද්ගලික සමාගම නමින් 2016දී සහ 2017දී එම ගිණුම් විවෘත කර ඇති බව එහිදී හෙළි කෙරිණ.

“එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා 2015 අගෝස්තු 21වන දින පවත්වන ලද මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වුවද ඔහු තේරී පත් නොවීය. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම නියෝජනය කරමින් ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් හිස්බුල්ලා මහතා පාර්ලිමේන්තු යැවීය. ඉන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිස්බුල්ලා මහතා නැවත පදිංචි කිරීමේ හා පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබීය.”

-lankatruth




No comments:

Post a Comment

Post Bottom Ad