ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය භාර ගැනීමට රනිල් යළිත් බැහැ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 23, 2020

ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය භාර ගැනීමට රනිල් යළිත් බැහැ කියයි


පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම යා යුතු බවට එජාප හිටපු මන්ත‍්‍රී කණ්ඩායම කළ ඉල්ලීම ඒ මහතා විසින් ඊයේ (23 දා) යළි ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් මෙම ඉල්ලීම කර තිබේ.

පක්‍ෂ නායකයා මන්ත‍්‍රී ධුරය භාර නොගන්නේ නම් නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා මන්ත‍්‍රී ධුරය භාර ගත යුතු බවට එහිදී ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත. එහෙත් ඒ පිළිබඳව අවසන් එකගතාවකට එළැඹීමට නොහැකි වූ බැවින් තවත් දිනයකදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට හෝ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාට අනිවාර්යයෙන් හිමි වනු ඇතැයි එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක්  පැවසීය.

මේ අතර මෙම සාකච්ඡාවේදී පක්‍ෂ ප‍්‍රතිසංවිධානය ගැන දීර්ඝ ලෙස සාකච්ඡාකර ඇත. ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සහයෝගයක් ලෙස තමා පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බව අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර ඇත. අනතුරුව අදහස් දක්වා ඇති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමට කලබල නොවන ලෙස සඳහන් කර ඇත. ජනවාරි මාසයේදී නව නිලධාරි මණ්ඩලයක් පත්වන නිසා ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම භාර ගත නොහැකි බවත් සඳහන් කර ඇත.

අකිත පෙරේරා - දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad