කොරෝනා මෘත දේහ දිගටම ආදාහනයට - කමිටුව දැනුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 22, 2020

කොරෝනා මෘත දේහ දිගටම ආදාහනයට - කමිටුව දැනුම් දෙයි

කොරෝනා වෛරසය ආසාදන මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් සම්බන්ධයෙන් අවසන් වාර්තාව ඉදිරිපත් කරන තෙක් දිගටම ආදාහනය කරන ලෙස ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් දැනුම් දී ඇත. සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත මේ බව දන්වා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ඒ අනුව කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මෘත දේහය භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම පිළිබඳ විශේෂඥ කමිටුවක් විසින් අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවසන් තීන්දුව ගැනීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad