කොරෝනා පැතිරෙන්න ඉඩදී ආණ්ඩුව බලා සිටිනවා..- හරිනි අමරසූරිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 7, 2020

කොරෝනා පැතිරෙන්න ඉඩදී ආණ්ඩුව බලා සිටිනවා..- හරිනි අමරසූරිය

 
කොරෝනා සමඟ ජීවත්වීමු යයි කියමින් ආණ්ඩුව කොරෝනා පැතිරීමට ඉඩ දී බලා සිටින බව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය. ආණ්ඩුවේ ඉලක්කය විය යුත්තේ කොරෝනා සමග ජීවත් වීමට ජනතාවට කීම නොව කොරෝනා පාලනය කිරීම බවද ඇය පවසයි.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුවේ නොහැකියාව කොරෝනාවලින් වසන් කරමින් ජනතාව මත පැටවීමේ ප්‍රවේශයක් දක්නට ඇති බවත් ආණ්ඩුවේ නොහැකියාව කොරෝනා වලට බැර කිරීමට ඉඩ ලබා නොදෙන බවත් ඇය පැවසීය.

බන්ධනාගාර තුළ විශ්වවිද්‍යාල තුළ පාසල් තුල සිදුවන සිදුවීම් ද බඩු මිල ඉහළ යාම වැනි සියලු දේ කොරෝනා වලට ලඝු කිරීම පිළිගත නොහැකි බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad