සුදුලූණු වංචාව ගැන කටඋත්තර ගන්න මාධ්‍යවේදීන් කැඳවන්න එපා - අගමැති CIDයට දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 28, 2021

සුදුලූණු වංචාව ගැන කටඋත්තර ගන්න මාධ්‍යවේදීන් කැඳවන්න එපා - අගමැති CIDයට දන්වයි

සතොස ආයතනයේ සිදුව ඇතැයි කියන සුදුලූණු වංචාව සම්බන්ධයෙන් වාර්තා කරන ලද මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් වලකින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

සතොස ආයතනයේ නිළධාරීන් විසින් සිදුකළ බව කියන සුදුලූණු වංචාවක් පිළිබඳව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් CIDය වෙත පැමිණිල්ලක් සිදුකළ අතර අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම වංචාව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළකළ මෙරට ජාතික පුවත්පත්වල කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් සියලුදෙනාටම අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad