‘ෂිද්දත්’ ෆිල්ම් එකේ පළමු ගීය ගයමින් යොහානි අද හින්දි සිනමාව හොල්ලයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 28, 2021

‘ෂිද්දත්’ ෆිල්ම් එකේ පළමු ගීය ගයමින් යොහානි අද හින්දි සිනමාව හොල්ලයි - (video)

සතීෂාන් රත්නායකගේ ‘මැණිකේ මගේ හිතේ ” ප්‍රති නිර්මාණ ගීතය ගායනා කිරීම නිසා ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වය පත් ලංකාවේ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාවේ ප්‍රකට සංගීත හා  බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන සමාගමක්  වූ  ටී- සීරිස් ආයතනය විසින් නිෂ්පාදනය කළ , චිත්‍රපට අධ්‍යක්ෂක කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ”ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ  නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසින් අද දිනයේදී බොලිවඩු චිත්‍රපට ගායනයට එක්ව ඇත.

මෙම ගීතයේ නිල පසුබිම් ගායකයා  වශයෙන් ඉන්දීය ගායක මානන් බාරද්වාජ් කටයුතු කරනු ලබයි.

ගායිකා යොහානි ද සිල්වා මිලියන 2.53 ක ග්‍රාහකයින් සිටින  සිය යූ ටියුබ් චැනලය හරහා අද  (28) දහවල් මෙම හින්දි චිත්‍රපට පසුබිම් ගීතය එළ දැක්වූ අතර එම ගීතය පැය 3 ක් ගතවීම මත්තෙන් ප්‍රෙක්ෂකයින් එක් ලක්ෂ හැත්තෑ හතර දහසකට  වැඩි පිරිසක් යූ ටියුබ් ඔස්සේ මෙම ගීතය නරඹා තිබීමද විශේෂත්වයකි.

යොහානි ගේ ගායනය ඇතුළත් ෂිද්දත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක ලබන 01 වැනිදා සිට තිරගත කෙරෙනු ඇත.

ඊට අමතරව යොහානි ගායනා කරන මෙම ෂිද්දත් හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතය ටී සිරීස් ආයතනය ද සිය නිල යූ ටියුබ් චැනල ඔස්සේ ඒළි දක්වා තිබුණි’

ටී සීරිස් ආයතනය ඉදිරියේදී යොහානි ද සිල්වා සමග නව සංගීත නිර්මාණ රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන් සිටින බවද සදහන් වේ.

ඉන්දියාවේ කොටිපති ව්‍යාපාරික භූෂන් කුමාර් හිමිකාරීත්වය දරණ ටී සීරීස් ආයතනය ලෝක ප්‍රකට සංගීත සහ චිත්‍රපට නිර්මාණ ආයතනයකි. ඉන්දියාවේ සංගීත වෙළෙඳපොළේ සියයට තිස් පහක කොටසක් හිමි කරගෙන සිටින ‘ටී සීරිස්’ සමාගමට මිලියන එකසිය අනූ එකක පරිශීලකයන් සහ මිලියන එකසිය හැට දෙකක නරඹන්නන් සංඛාවක් සහිත ලෝකයේ සිව්වැනි ස්ථානයේ ඇති යූ ටියුබ් නාළිකාවක හිමිකාරත්වය ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad