ජවිපෙ 5-6 තනියම බුදු වෙන්න හදනවා... අපිත් 08 වෙනිදා වෙන ම විරෝධතාවක් කරනවා – ස්ටාලින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 5, 2022

ජවිපෙ 5-6 තනියම බුදු වෙන්න හදනවා... අපිත් 08 වෙනිදා වෙන ම විරෝධතාවක් කරනවා – ස්ටාලින්

මෙම 5 සහ 6 දිනවල ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති දියත් කරන විරෝධතාව පිළිබඳ තමන් සමග සාකච්ඡා නොකළ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.

එම විරෝධතාව පිළිබඳ තමන්ගේ විරෝධයක් නැති වුව ද සියලු දෙනා සාකච්ඡා කොට එය දියත් කළේ නම් තමන්ට ද ඊට එකතු වන්නට තිබූ බව ස්ටාලින් පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණ තනිව මෙම විරෝධතා ගෙන යාමට උත්සාහ කරන බව ද අධ්‍යාපන ගැටලු පිළිබඳ සියලු දෙනා එක්ව අරගල කළ ආකාරයට ඉදිරියට ද කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කරයි.

කෙසේ වුව ද එළඹෙන 08 වෙනිදා විරෝධතාවක් දියත් කිරීමට තමන් සූදානම් බවයි, ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad