මාලිමා ලේකම් පුත‍්‍රගේ ජනාධිපතිවරණ මත විමසුමෙන් රනිල් දිනුම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 17, 2023

මාලිමා ලේකම් පුත‍්‍රගේ ජනාධිපතිවරණ මත විමසුමෙන් රනිල් දිනුම්!

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා විසින් මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ මත විමසුමක් සිදු කර තිබ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා 55% ක් සහ අනුර දිසානායක මහතා 44% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ඉරණම ඉදිරි ජනාධිපතිවරණය මත රඳා පවතින බවත් නව ලිබරල්වාදය දූෂිත දේශපාලන සංස්කෘතිය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ සහ ප්‍රගතිශීලී වාම ජනතා ව්‍යාපාරය නියෝජනය කරන අනුර දිසානායක අතර තරගය පවතිනු ඇති බවත් ඔහු එහි සටහන් කර තිබේ.

චතුරංග අබේසිංහ මහතා ජාතික ජන බලවේගය ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයා ද වෙයි.




No comments:

Post a Comment

Post Bottom Ad