ප‍්‍රබලයෙකු ඉන්දියාවෙන් ගෙන්වූ රෝසමල් තොගයක් ගුවන් තොටුපලෙන් අල්ලා විනාශ කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 16, 2023

ප‍්‍රබලයෙකු ඉන්දියාවෙන් ගෙන්වූ රෝසමල් තොගයක් ගුවන් තොටුපලෙන් අල්ලා විනාශ කරයි

ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර නඩේෂන් විසින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද රෝස මල් කූඩ විස්සක් ගුවන්තොටුපල ශාක නිරෝධාන ඒකකයේ නිලධාරීන් විසින් මෙරටට ඇතුළු කිරීම අත්හිටුවා තිබේ.

ඊට හේතුව එම රෝස මල් කෘමීන් සිටින බව හඳුනාගන්නේ ගැනීමයිත.

කොළඹදී පැවැත්වීමට තිබූ පූජාවකට යොදාගැනීමට මෙම මල් ගෙනත් තිබූ ඒවා බවද වාර්තා වෙයි.

මෙම භාණ්ඩ නිදහස් කරගැනීමට ඉහළ පෙලේ බලධාරීන් විසින් බොහෝ දුරකතන ඇමතුම් ලබාදී තිබුණත් ගුවන්තොටුපල බලධාරීන් එම මල් කූඩ මුදාහැරීම ප්‍රතික්ෂේප කර ඇති බව අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි.

ශාක නිරෝධායන පනත යටතේ මෙම රෝස මල් තොගය විනාශ කරන බව ගුවන් තොටුපල බලධාරින් විසින් ආනයන කරුට දන්නවා ඇති බවත් එම අවස්ථාවේ ගුවන් තොටුපලට පැමිණ ලෙස ඉල්ලා තිබුණත් කිසිදු නියෝජිතයෙකු එම අවස්ථාවට පැමිණ නැති බවද එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

මෙම සිදුවීමෙන් පසු අදාල මල් තොගය නැවතූ නිලධාරීන් කිසියම් දේශපාලන පලිගැනීමකට ලක්වෙනු ඇතැයි සැක මත ගුවන්තොටුපල වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවද එම වාර්තාව තවදුරටත් කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad