දෙහිවල සුපිරි වෙළෙඳසලක සේප්පුව විවෘත කර ලක්ෂ 13ක් අරන් ගිහින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

දෙහිවල සුපිරි වෙළෙඳසලක සේප්පුව විවෘත කර ලක්ෂ 13ක් අරන් ගිහින්


දෙහිවල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක සේප්පුව විවර කර රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක් සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසියට පැමිණිලි ලැබී ඇත. මෙසේ සොරකමට පැමිණි පුද්ගලයන් ආරක්ෂක
කැමරාවේ ගබඩා පද්ධතියද රැගෙන ගොස් ඇත. මෙ වෙළෙදසල ඉදිරිපිට විදුලි පඩිපෙළ  අසල තිබෙන වීදුරු දොර කඩා ඇතුළු වී මෙම සොරකම කර ඇතැයි පොලිසිය කියයි.

ඉකුත් 28 වැනිදා දහයට පමණ  සුපිරි වෙළෙඳසල වසා පසුදින (29) පෙරවරු පහට පමණ එය විවෘත කිරීමට
පැමිණීමේදී ඉදිරිපස දොර විවෘත කර තිබෙනු දුටු සහකාර කළමනාකාරවරයා එහි අභ්‍යන්තරය පරීක්ෂා කිරිමේදී සේප්පුව කඩා ඇති බව දැක තිබේ. මෙම සොරකම වී ඇත්තේ එම වෙළෙඳසලහි ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුද සිටියදීය. සේප්පුවේ යතුරු තබා තිබූ ස්ථානයෙන් ඒවා රැගෙන සේප්පුව විවෘත කර මෙම සොරකම කර ඇතැයි මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මුදල් සොරාගත් සේප්පුව අසලම තවත් සේප්පුවක් තිබී ඇති අතර එයද යතුරු යොදා විවෘත කිරීමට කළ උත්සාහය වන වී ඇතැයි පොලිසිය කියයි. වෘත කරන ලද සේප්පුවේ මුදල් සොරා ගැනීමෙන් පසු රුපියල් හතළිස් දහසක් හා පනස් දහසක් අතර ප්‍රමාණයක් එම සේප්පුව උඩ දමා ගොස් ඇතැයිද පොලිසිය පවසයි. එම වෙළඳසලෙහි සේවය කරන පුද්ගලයකු හෝ කිහිපදෙනකු එක්ව සොරකම කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

-එම්.සී.පෙරේරා-

No comments:

Post a Comment

Post Bottom Ad