ආනයනය තහනම් කර තිබියදී ගෙන් වූ අධි සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්කයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 3, 2020

ආනයනය තහනම් කර තිබියදී ගෙන් වූ අධි සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්කයි

වාහන ආනයනය අත්හිටුවා තිබියදීත් විවිධ කූට උපක්‍රම මගින් මෙරටට ගෙන්වා ඇති අධි සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්තක කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

මෙම වාහන තොගයේ විටිනාකම රුපියල් කෝටි දහසකට ආසන්න බවයි හෙළිවී ඇත්තේ.

කොරෝනා වසංගත තත්වය හමුවේ රටේ මූල්‍ය තත්වය ස්ථාවර කිරීමේ පියවරක් ලෙස වාහන ඇතුලු සුඛෝපබෝගී භාණ්ඩ මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය නියෝග කළා.

කෙසේ වෙතත් එම ආනයන රෙගුලාසි උල්ලංඝණය කරමින් විවිධ කූට උපක්‍රම හරහා මෙරටට ගෙන්වා ඇති අධි සුඛෝපබෝගී වාහන 300 ක් මේවනවිට රේගුව භාරයේ රඳවා ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා කියා සිටියේ.

අදාල පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද සූදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 


No comments:

Post a Comment

Post Bottom Ad