අර්ජුන මහේන්ද්‍රන් දකුණු අප්‍රිකාවේ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

අර්ජුන මහේන්ද්‍රන් දකුණු අප්‍රිකාවේ?

අර්ජුන මහේන්ද්‍රන් දකුණු අප්‍රිකාවේ?

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දකුණු අප්‍රිකානු මාධ්‍යයක ජාත්‍යන්තර බැංකුවකට අදාළව මුදල් විශුද්ධිකරණය පිළිබඳව තම අදහස් පළ කර තිබේ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කර තිබිය දී අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදෙස් රටක මෙවැනි අදහසක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක් වෙයි.

පසුගිය 27 වන දින දකුණු අප්‍රිකාවේ “බිස්නස් ලයිව්“ නැමති වෙබ් අඩවියට මෙම අදහස ඉදිරිපත් කර තිබේ.

අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සහ මැද පෙරදිග රටවල පවුල් ව්‍යාපාරවලට උපදෙස් ලබා දෙන්නෙක් ලෙස කටයුතු කරයි.

කෙසේ වෙතත් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරට අධිකරණය විසින්අත්අඩංගුවට ගන්නැයි නියෝග කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට අදාළව අධිකරණයේ ගොනු කර ඇති කරුණු අනුවයි.

කෙසේ වෙතත් මහේන්ද්‍රන් මහතා පිළිබඳ නිසි තොරතුරක් නොමැතිව ගොස් වසරකට ආසන්න කාලයක් ගතව තිබිය දී ජාත්‍යන්තරයේ මෙවැනි අදහස් පළ කිරීමක් සිදු කර තිබීම මවිතයට කරුණකි. 

පහතින් එම වෙබ් අඩවියේ පළ කළ තිබු ප්‍රවෘත්තිය දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad