මදුෂ් හසුවුනේ 125 ක් සමගලු - 25 ක් ඇතුළට ගෙන 100 ක් නිදහස් කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 5, 2019

මදුෂ් හසුවුනේ 125 ක් සමගලු - 25 ක් ඇතුළට ගෙන 100 ක් නිදහස් කරලා

යේ ඩුබායිහිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මදුෂ් සම්බන්ධ වැටළීමේදී 125 දෙනෙකුගෙන් යුත් පිරිසක් හසුව තිබෙන බව වාර්තා විය.
ඒ  මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරියගේ දරුවාගේ  උපන් දින සාදය සඳහා පැමිණි අයවයි. කළුතුෂාර නමැති මියගිය පාතාල නායකයාගේ දරවන් හා බිරිය සමග මේ කාලයේ මදුෂ් කල්ගෙවන අතර මෙම සාදය එම
බිරියගේ පෙර කසාදයේ දරුවකු වෙනුවෙන් පවත්වා තිබේ.ඩුබායිහි තරුහයේ සුපිරි හෝටලයක පෙරේදා රාත්‍රි පැවති මෙම සාදයට අමල් පෙරේරා, නදීමාල් පෙරේරා,
රයන් හා සහ තරුණ ගායන ශිල්පීහු 6 ක පිරිසක් ද ඩුබායි ගොස් සිටියහ.
ඩුබායිහි සැඟ වී සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල නායකයන් පිරිස අත්අඩංගුවට ගැනීමේ විශේෂ රහසිගත මෙහෙයුමක් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රවය නාශක අංශය මගින් ආරම්භ කර තිබිණි.
මෙම මෙහෙයුමට එක්ව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ද වෙස්වලාගෙන හොර රහසේම මෙම උපන් දින සාදයට සහභාගි වී ඇත.

උපන් දින සාදය අතරතුර මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයන් කලාකරුවන් පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් විනෝද වෙමින් සිටි අවස්ථාවේ එහි වෙස්වලා ගෙන සිටි පොලිස් නිලධාරීන් ඩුබායි පොලිසියේ විශේෂ කණ්ඩායම කැඳවා  එහි සිටි පාතාල කණ්ඩායම සහ සෙසු පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී මෙම පාතාල ප‍්‍රබලයන් ඇතුළු පිරිස සිය පරිභෝජනයට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් ද ඩුබායි පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.
මෙම සාදයට පුද්ගලයන් 125 කට අධික පිරිසක් සහභාගි වී සිටි අතර මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට හෝ ඒවා පාවිච්චි කිරීමට සම්බන්ධ නැති පිරිස මුදා හැරීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබේ. ඒ අනුව 100 දෙනෙකු මුදාහැර 25 ක් අත්අඩංගුවට පත්ව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad