උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.( TMK)පක්ෂය තවත් දෙමළ පක්ෂ දෙකක් සමග එකතුවී නව දෙමළ ජාතික සන්ධානයක් බිහි කිරීමට තීරණය කොට තිබේ.
විග්නේස්වරන් මහතාගේ පක්ෂය සන්ධානගත වීමට තීරණය කොට ඇත්තේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය හා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ පක්ෂය සමගිනි.
ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවති අවස්ථාවට විග්නේස්වරන් මහතා සහභාගී වී මේ පිළිබදව මූලික සාකච්ඡාව පවත්වා තිබේ.
ඒ අවස්ථාවේදී ඇති වූ එකගතාවයන් මත ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ පක්ෂයත් ජාතික නිදහස් සමරු දිනයට විරෝධය පලකිරීම සදහා කිළිනොච්චියේ පැවති විරෝධතාවයට සී.වී.විග්නේස්වරන් මහතාද සහභාගී වී තිබේ.
මේ අවස්ථාවේදී ඔහුව ඉතා උණුසුම් ලෙස සියළු දෙනාම පිළිගත් අතර එම විරෝධතාවයෙන් පසුව නව දෙමළ සන්ධානයේ කටයුතු පිළිබදව කරුණු සාකච්ඡා කොට තිබේ.
මෙහිදී අවධානය යොමු වී ඇත්තේ මීට කලකට ඉහතදී උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය විසින් පිහිටුවා ගන්නා ලද නව දේශපාලන පක්ෂයේ සහයද අළුතින් ඇතිකිරීමට යන දෙමළ සන්ධානය වෙත ලබා ගැනීමටය.
විග්නේස්වරන් මහතා ඔහුගේ නව දේශපාලන පක්ෂය පිහිටුවන ලද දිනයේදී ආනන්දි සශිහරන් මහත්මිය පොරොන්දු වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව යන දේශපාලන ගමනක් සදහා තමන්ගේ පුර්ණ සහය විග්නේස්වරන් මහතාට ලබාදෙන බවටය.
(දිනසේන රතුගමගේ)
No comments:
Post a Comment