වසර දහයක් මුළුල්ලේම ශිෂ්‍යයින් පනහකට වඩා අඩු සංඛ්‍යාවක් ඇති රජයේ පාසල් 248 ක් උතුරු පළාතේ ඇති බවත් එම පාසල්වල සිසුන් වැඩි කර ගැනීම සඳහා ප‍්‍රවණතාවයක් නොවන්නේ නම් මේ වසර අවසානයේදී එම පාසල් සියල්ලම වසා දැමීමට උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය තීරණය කොට තිබේ.
එසේ වසා දැමෙන පාසල්වල ළමයින් ඊට ළඟම පිහිටි පාසල වෙත යොමු කිරීමටද සාකච්ඡා කොට ඇත.
සිසුන් පනහකට වඩා අඩු සංඛ්‍යාවක් සිටින පාසල් නඩත්තු කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන නමුත් එම පිරිවැයට සරිලන අන්දමේ ඉගෙණුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියක් සිදු නොවන නිසා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය මෙම තීරණය ගැනීමට සූදානම් වෙයි.
පසුගිය දිනක අධ්‍යාපන අමාත්‍යංශයේදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු සඳහා පැවති සාකච්ඡාවකදී දිවයිනේ වෙනත් පළාත්වලද සිසුන් පනහකට වඩා අඩු සිසුන් සිටින පාසල් බොහොමයක් ඇති බවට කරුණු සාකච්ඡා වූ බව උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරයි.
එම සාකච්ඡාවට පැමිණ සිටි සෙසු නිලධාරීන්ගේ අදහස වූයේද සිසුන් පනහට වඩා අඩු පාසල් පවත්වා ගෙන යාමේ අර්ථයක් නොමැති බව නිසා උතුරු පළාතේ පිහිටි එවැනි පාසල් සඳහාද ඒ තීරණයම ගැනීමට සිදුවන බව නිලධාරීහු කියා සිටිති.
Tuesday, February 26, 2019
උතුරේ පාසල් 248 ක් වැසීමේ සූදානමක් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment