කොකේන් පාවිච්චි කරන මන්තී‍්‍රවරියකුත් ඉන්නවා -රන්ජන් රාමනායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

කොකේන් පාවිච්චි කරන මන්තී‍්‍රවරියකුත් ඉන්නවා -රන්ජන් රාමනායක

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියකද සිටින බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ඊයේ (25 වැනිදා)  සඳහන් කළේය.

ඇය කොකේන් මත්ද්‍රව්‍යවයට අමතරව ටැබ්ලට්, සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පාවිච්චි කරන බවද තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවද හෙතෙම පැවසීය.
එම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය කවුරුන්ද යන්න හෝ එතුමිය දැනට පාර්ලිමේන්තුවේ සිටිනවාද නැද්ද යන්න හෝ මේ මොහොතේ මාධ්‍යයට ප‍්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා ඉදිරියේ දී ඒ පිළිබඳ සියලූ තොරතුරු රට හමුවේ ඉදිරිපත් කරන බව ද කියා සිටියේ ය.
තනතුරු, තාන්න මාන්න, පුද්ගලික හිතවත්කම් පසෙක ලා රට හමුවේ විශාල ප‍්‍රශ්නයක් වී ඇති විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ කාර්යය ඉටු කිරීම වෙනුවෙන් තමන්ට කළ හැකි සියලූ කටයුතු නොපැකිලිව සිදු කරන බව කී හෙතෙම එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා බොහෝ පිරිසක් තමන් සමඟ සිටින බවද කීවේය.

තමන් මීට පෙර අනාවරණය කළ කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මන්ත‍්‍රීවරුන්ගේ හෙළිදරව්වෙන් පසු ඔවුන් විවිධ ඖෂධ භාවිතා කරමින් ඉන් ගැලවීමට ප‍්‍රයත්න දරමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි රංජන් රාමනායක මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.

දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad