රන්ජන් එජාප කෘත්‍යාධිකාරයේ දණ ගසයි,එජාපයේ කිසිවෙකු කොකේන් නොබොන බවට දිවුරයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

රන්ජන් එජාප කෘත්‍යාධිකාරයේ දණ ගසයි,එජාපයේ කිසිවෙකු කොකේන් නොබොන බවට දිවුරයි.

Loading...

එක්සත් ජාතික පක්‍සයේ කිසිම මැති ඇමතිවරයෙක් කොකේන් මත්ද‍්‍රව්‍ය භාවිත කරන්නේ නැති බවත් තමන් චෝදනා කලේ විපක්‍ෂයේ සිටින පිරිසකට බවත් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පැවසූ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කරියවසම් මහතා පවසයි.
එම පුද්ගලයන් කවුදැයි නම් වශයෙන් වුවද හෙලි කල හැකි යයි රාමනායක මහතා පැවසූ බවත් ඒ කිසිවෙකුත් එක්සත් ජාතික පක්‍ෂයේ නොවන බවට රාජ්‍ය ඇමතිවරයා පැවසූ බවත් මහ ලේකම්වරයා පැවසීය.
කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතා සදහන් කරන්නේ තමන් මුලින් පැවසූ ස්ථාවරයේම තමන් සිටින බවයි.
රාමනායක මහතා කලින් සදහන් කරන ලද්දේ එජාප මැති ඇමතිවරුන් හතර පස් දෙනෙකු කොකෙන් ගහන බවයි.
-sinhalalankanews

No comments:

Post a Comment

Post Bottom Ad