Loading...
පාකිස්තානය විසින් ඉන්දීය ගුවන් යානා දෙකක් පහර දී බිම හෙලීමත් සමගින් ඉන්දියාව ඊට රළු ප‍්‍රතිචාර දැක්වීමකට සූදානම් වෙමින් ඇත්තේ යයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේශසීමා ආසන්නයට අමතට බල ඇණි කැදවීමටත් ඒ සමගම ප‍්‍රහාරක ගුවන් යානා සූදානමින් තැබීමටත් දැනටමත් ඉන්දීය බලධාරීන් විසින් හමුදාවට නියෝග කර ඇතැයිද සදහන්ය.
ඉන්දීය ගුවන් නියමුවා පකිස්තාන හමුදාව විසින් අල්ලාගෙන පහර දෙමින් ඇදගෙන ඒමේ වීඩියෝව මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමගින් ඉන්දීය ජනතාව තුල දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබෙයි.
ඇතැම් දේශපාලන නිරීක්‍ෂකයන් මත පල කර ඇත්තේ ලග ලගම එන ඉන්දීය මහ මැතිවරණයේදී හින්දු ජනතාව අවේගයට පත් කර ඔවුනගේ ඡුන්ද ලබා ගැනීම සදහා ඉන්දීය පාලක පක්‍ෂය විසින් සිදු කරන ලද සූක්‍ෂම කුමන්ත‍්‍රණයක් බවයි.
මේ අතර පතිස්තාන හමුදාවන්ද සිය දේශ සීමා ආසන්නේ ත‍්‍රිවිද හමුදාවන් උපරිම බලයෙන් සීරුවෙන් තබා ඇතැයිද සදහන්ය.
-sinhalalankanews
No comments:
Post a Comment