අර්ජුන එක්ක බෑ කියා ලංගම සභාපති රමාල් ඉල්ලා අස්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

අර්ජුන එක්ක බෑ කියා ලංගම සභාපති රමාල් ඉල්ලා අස්වෙයි


ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව දක්වා ඇමති අර්ජුන රණතුංග වෙත ලිපියක් යවා තිබේ.

දීර්ඝ වශයෙන් තමන්ට සිදුවන බාධාකාරී තත්වයන් ගැන කරුණු දක්වා තිබෙන එහි මේ දක්වා ප්‍රවාහන ඇමති ධූරයන් දැරූ අනෙක් අය සමග තමා හොඳින් රාජකාරී කළ නමුත් අර්ජුන රණතුංග සමග වැඩ කිරීමට අමාරු බවට විස්තර සහිතව කරුණු ගොනු කර තිබේ.
අර්ජුන රණතුංග ඇමති ධූරය දැරූ වරාය, ඛණිජ තෙල් ඇතුලු අමාතයංශ ගණනාවකදීත් ඉහළ නිලධාරීන්ට බලපෑම් එල්ලවූ අයුරින් තමාටද අනිසි බලපෑම් ඇතිවූ බව එහි කියා තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතාට අද (26) පෙරවරුවේ එය භාරදි ඇත. සේවකයන් හා වෘත්තීය සමිති මේ සම්බන්ධව කණස්සල්ල පළ කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad