නව ආසන සංවිධායකවරු සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් පත් කෙරේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 5, 2019

නව ආසන සංවිධායකවරු සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් පත් කෙරේ

නව ආසන සංවිධායකවරු සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් පත් කෙරේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ති‍්‍රක් නායක ලෙස දයාශ‍්‍රීත තිසේරා මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (05) දහවල් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. ඒ පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ දි ය.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කලාවැව ආසන සංවිධායක ලෙස දුමින්ද දිසානායක මහතාත්, හොරොව්පතාන ආසන සංවිධායක ලෙස වීරකුමාර දිසානායක මහතාත්, මැදවච්චිය ආසන සංවිධායක ලෙස තිස්ස කරල්ලියද්ද මහතාත්, බටහිර අනුරාධපුර ආසන සංවිධායක ලෙස ඩබ්.බී. ඒකනායක මහතාත්,මිහින්තලය ආසන සංවිධායක ලෙස ඩබ්.කේ. ඉලංගසිංහ මහතාත්, නැගෙනහිර අනුරාධපුර සංවිධායකවරුන් ලෙස පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි, ඞී.පී. බන්දුසේන යන මහත්වරුත්,කැකිරාව ආසන සංවිධායක ලෙස රොහාන් ජයකොඩි මහතාත් පත් කර තිබේ.

එමෙන්ම අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ති‍්‍රක් සංවිධායකවරු ලෙස පී.බී. දිසානායක, එම්.හේරත් බණ්ඩා, එම්.ආර්.බී. ඥාණතිලක යන මහත්වරුන් පත් කර ඇත.

එම මහත්වරුන් ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

No comments:

Post a Comment

Post Bottom Ad