උතුරු පළාතේ සියළලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල ලබන මාර්තු මස 04 වනදාට පෙර උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට නියෝග කර ඇත.
ඒ අනුව පළාතේ සියළුම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල හිමිකරුවන් සිය ආයතන පිහිටි ස්ථාන හා ඉඩකඩම් තොරතුරු පිළිබඳ වාර්තා අධ්‍යාපන අමාත්‍යංශය වෙත බාර දිය යුතු බවත් ලබන මාර්තු 4වැනිදාට පෙර මෙකී ආයතන පිළිබඳ සියලු තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතු බවත් ආණ්ඩුකාරවරයා බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
උතුරේ නගරවල ප්‍රදර්ශනය කරන විශාල බැනර් සහ දැන්වීම්වල ඒවා ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබා දී ඇති අංකයද සදහන් කළ යුතු බවත් මෙය ඉදිරි දෙසතියක කාලය තුළ ක්‍රියාත්මක කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.
අදාල නියෝගය නොතකන ආයතන හා පුද්ගලයින්ට එරෙහිව නෛතික පියවර ගන්නා ලෙසට ආණ්ඩුකාරවරයා අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් දී ඇති අතර මේ පිළිබඳ තොරතුරු උතුරු පළාත් සභාවේ www.np.gov.lkනැමති වෙබ් අඩවියෙන් හෝ 021-2231343 නැමති අංකය අමතමින් දැනගත හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය වැඩි දුරටත් සඳහන් කර සිටියි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
No comments:
Post a Comment