චම්පික තීරණයක් ගන්න සැරසෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

චම්පික තීරණයක් ගන්න සැරසෙයි

චම්පික තීරණයක් ගන්න සැරසෙයි

යුධ අපරාධ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට පමණක් ඇඟිල්ල දිගු කිරීම යුක්තිසහගත නොවන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

1976 සිට ඝාතන ක්‍රියාවලියට සම්බන්ධ හැම කෙනෙක් සම්බන්ධයෙන්ම ක්‍රියාමාර්ග ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එහෙත් එය කළ හැකිද යන ප්‍රශ්නය පවතින බව රණවක මහතා කියා සිටියි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"එදා මහින්ද රාජපක්ෂ මහතා 12000ක් කොටි සාමාජිකයින් නිදහස් කළා. ප්‍රභාකරන්ගෙන් පස්සේ කොටි සංවිධානයේ නායකයා වූ කුමාරන් පද්මනාදන් රාම්, නගුලන් ආදී පිරිස් ඔක්කොම නිදහස් කළා. ඒ අය අද ඒ ගම්මානවල ඉන්නවා. එම 12000න් 99.9%ක්ම සාමකාමී ජීවිත ගෙවනවා. එහෙම නම් අපි දඬුවම් දීමේ ක්‍රියාවලියකට ගියොත් යුක්තිය ඉටුකිරීමේ අදහසින් මේ වරදකාරයෝ වරදවල් හොයාගෙන ගියොත්, අපරාධ හොයාගෙන ගියොත් මේ රටේ 10%ටත් අධික පිරිසක් විශේෂයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලත් ඇතුළු විශාල පිරිසක් අධිකරණ වෙත ගෙනියන්න අපට සිද්ධ වෙනවා.එහෙත් එවැන්නක් මේ රට තුළ ප්‍රායෝගිකව කළ නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එම නිසා මේ ක්‍රියාවලිය අතීතයට එකතු වූ කාරණයක් ලෙස සලකා උතුරෙත් නැගෙනහිරත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනාට එකට ජීවත් විය හැකි යුගයකට යා යුතුයි." 

No comments:

Post a Comment

Post Bottom Ad