ප්‍රියමාලිගේ සැමියා ලෙස පෙනී සිටි ඉසුරු බණ්ඩාර අත්අඩංගුවට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 17, 2022

ප්‍රියමාලිගේ සැමියා ලෙස පෙනී සිටි ඉසුරු බණ්ඩාර අත්අඩංගුවට!

රුපියල් බිලියන ගණනක් වංචා කළ තිලිණි ප්‍රියමාලිගේ සැමියා ලෙස පෙනී සිටි ඉසුරු බණ්ඩාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය. ප්‍රියමාලිගේ සියලු වංචා සහගත ගනුදෙනු මෙහෙයවමින් ඇය සමග මෙම ව්‍යාපාරය පවත්වාගෙන යනු ලැබුවේ ඉසුරු බණ්ඩාර නැමැත්තා විසිනි. 
වර්ෂ 2012 වැනි කාලයේ දී ඉසුරු බණ්ඩාර සිටියේ එවකට රජයේ ප්‍රබල ඇමතිවරයෙක් වූ මර්වින් සිල්වා ලඟය.  ඔහු මර්වින් සිල්වාගේ ලේකම්වරයෙක්, ආරක්ෂකයෙක් ලෙස පෙන සිටිමින් ඔහුගේ අකටයුතු ගණනාවකට සහයෝගය දුන් පුද්ගලයෙක්ව  සිටියේය.

අනතුරුව මර්වින් සිල්වාගේ බලය නැති වී යත්ම ඔහුගෙන් ඈත් වූ ඉසුරු බණ්ඩාර යළිත් මතුවන්නේ තිලිණි ප්‍රියමාලි නැමති මේ කාන්තාවගේ සැමියා ලෙස පෙනී සිටිමිනි.

ඉසුරු බණ්ඩාර අත්අඩංගුවට ගන්නේ  දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව  බව විමර්ශන අංශ පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad