ජනපති- අගමැති ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ හමුවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 1, 2019

ජනපති- අගමැති ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ හමුවක්

ජනපති- අගමැති ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ හමුවක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පස්වරුවේ පැවැත් විය.

එම හමුවට එක් වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද සහභාගී වූ මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වී තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad