තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 22, 2019

තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා



සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

සැත්කමට භාජනය වන සිංහල බෞද්ධ මවුවරුන්ට නොදැනෙන්නට මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව ද අනාවරණය වී ඇත.

සැකකාර වෛද්‍යවරයා වසර ගණනක් තිස්සේ ගැබිනි මවුවරුන් හත්දහසකට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ අතරින් හාරදහසකට අධික බෞද්ධ මවුවරුන් මේ ආකාරයට වඳ භාවයට පත් කර ඇති බව හෙළි වී තිබේ.

මෙම වෛද්‍යවරයා තම හිතවතුන් කීපදෙනකු සමඟම මේ බව ප‍්‍රකාශ කර ඇති අතර මොහුගේ මෙම කි‍්‍රයාකලාපය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධ නිලධාරීන් කීප දෙනකු ද පොලිසියට තොරතුරු ලබාදී ඇත. වෛද්‍යවරයා මෙම අපරාධය සිදු කළ බවට සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය පවසයි.

සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ පොලිසිය පුළුල් විමර්ශනයක් කි‍්‍රයාත්මක කරගෙන යන අතර ඉදිරි දින කීපය ඇතුළතදී මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

තව්හිද් ජමාත් කල්ලියට සම්බන්ධ ප‍්‍රබල සාමාජිකයන් කීප දෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු හෙළි වූ බව ද එම ආරංචි මාර්ග කියා සිටියහ.

(2019 මැයි 23 දිවයිනට ලියන්නේ හේමන්ත ‍රන්දුනු විසින්)

No comments:

Post a Comment

Post Bottom Ad