ලන්ඩනයේ සිට පැමිණි කාන්තාවක් මරා කිඹුලන්නට කන්න දාලා… - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 28, 2021

ලන්ඩනයේ සිට පැමිණි කාන්තාවක් මරා කිඹුලන්නට කන්න දාලා…

කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම් ප්‍රදේශයේ පස්දරු මවක ඝාතනය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ බවට සැකකෙරෙන අයෙකු අද (28) දින අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

මියගිය මව එංගලන්තයේ ලන්ඩන්හි සිය දරුවන් සමඟ පදිංචිව සිට වසර තුනකට පෙර කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයට පැමිණ ඇති බවට අනාවරණයවී තිබේ.

අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචි රාසේන්ද්‍රම් රාජලක්ෂ්මි නැමති 67 හැවිරිදි පස්දරු මවක් වන අතර ඇය උදයනගර්, අම්බලකුලහි තාවකාලිකව කුලී නිවසක පදිංචිව සිට ඇති අතර නිවසේ සිටියදී ඊයේ රාත්‍රියේ සිට ඇය අතුරුදහන්ව ඇති බව ඇයගේ ඥාතීන් විසින් කිලිනොච්චිය පොලිසිය වෙත පැමිණිලි කොට තිබුණි.

පසුව මව පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී ලේ පැල්ලම් කිහිපයක් නිවසෙහි බිම තිබී පොලිසියට හමුවී ඇති අතර ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත සිදුකළ වැඩිදුර විමර්ශනයකදී 22 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව සැකකරුගෙන් පොලීසිය විසින් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී හෙලි වී ඇත්තේ අදාල කාන්තාව මරා සිරුර යතුරු පැදියක දමාගෙන ගොස් නිවසේ සිට කිලෝමීටර 18 දුරින් පිහිටි කිඹුලන් බහුලව සිටින කන්දපුරම්හි පිහිටි ඇළමාර්ගයකට දමා ඇති බව බවටය.

අනතුරුව සැකකරුගේ තොරතුරුවලට අනුව අදාල ඇල මාර්ගයට ගිය පොලිස් නිලධාරීන් විසින් පොහොර උරයක දමා ඇලට දමා තිබූ එම කාන්තාවගේ මළ සිරුර පාවෙමින් තිබයදී සොයාගෙන ඇති අතරම මළ සිරුර ඇලට දැමීම සඳහා තවත් අයෙකුගේ සහයක් ලැබී ඇත්දැයි යන්න පිළිබඳවද පරික්ෂණයක් අරඹා ඇත.

අත්අඩංගුවටගත් සැකකරු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad