මියන්මාරයේ ආගමන විගමන කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලාංකිකයෙකු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට එරටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් නැමති 39 හැවිරිදි මොහු සිය වීසා බලපත්‍රය දීර්ඝ කර ගැනීම සඳහා යැන්ගූන් නුවර ආගමන විගමන කාර්යාලය වෙත ඊයේ පස්වරුවේ පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මියන්මාර සංචාරක පොලීසිය බදාදා දිනයේ එරට සියළුම හෝටල් සහ සංචාරක නිකේතන වෙත දැනුම් දීමක් කර තිබුණා. 2018 වසරේ ජනවාරි මාසයේ සංචාරක වීසා මත මියන්මාරයට ගොස් ඇති මොහු නැවතත් එරටින් පිට වූ බවක් වාර්තා වී නැහැ.
කෙසේ නමුත්, එම ශ්‍රී ලාංකික සැකකරු පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වී ඇති ආකාරය හෝ ඔහු අත්අඩංගුවට ගැනුණේ ලක් රජය විසින් සිදුකළ දැනුම්දීමකට අනුව ද යන්න බලධාරීන් හෙළි නොකළ බවයි මියන්මාර මාධ්‍ය සඳහන් කළේ. එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුගේ සම්බන්ධතා පිළිබදව මියන්මාර පොලීසියේ විශේෂ ශාඛාව මගින් විමර්ශනයක් සිදුකරන බව ද ඉරවඩ්ඩි නැමැති මියන්මාර පුවත්පත වාර්තා කළා.
එරට සංචාරක පොලීසිය ප්‍රකාශ කළේ අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් වසරක් සහ මාස දෙකක කාලයක් වීසා බලපත්‍රය ඉකුත් වීමෙන් අනතුරුව ද මියන්මාරයේ රැදී සිට ඇති බවයි. එමෙන්ම මියන්මාරය තුළ අයි.එස්. අනුගාමික විදේශීය ත්‍රස්තවාදීන් ප්‍රහාර දියත් කිරීමේ අවදානමක් පැවති බව ද මියන්මාර පුවත්පත වැඩිදුරටත් සදහන් කළා.
Thursday, May 23, 2019

Home
දේශපාලන
මියන්මාරයේ ආගමන විගමන කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලාංකිකයෙක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට අත්අඩංගුවට - Video
මියන්මාරයේ ආගමන විගමන කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලාංකිකයෙක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට අත්අඩංගුවට - Video
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment