ජනතා විමුක්ති පෙරමුණ විසින් සමස්ත ආණ්ඩුවට එරෙහිව ගොනුකර ඇති විශ්වාසභංගයේ අඩංගු කරුණු සම්බන්ධව කිසිඳු තර්කයකින් තොරව එකඟ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අමතමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා…
“ජනතා විමුක්ති පෙරමුණ විසින් මන්ත්‍රීවරු හය දෙනාම අත්සන් කරල, කරුණු 6කින් සමන්විත විශ්වාසභංග යෝජනාවක්, ආණ්ඩුවට එරෙහිව… අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරල තියෙනවා. අපි කියන්නෙ නෑ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරල තියෙන කරුණු සාධනීය නොවෙයි කියල..අපිත් කියනව ආණ්ඩුවෙ සමහර ඇමතිවරු මේ පරීක්ෂණ විමර්ශන සිදුවෙනකොට සැකකරුවන් සම්බන්ධයෙන් ඇතිකරන ලද තත්වය අපි දැක්කා..
ආණ්ඩුවට එරෙහි කිසිදු විස්වාසයක් නැහැ කියන එකේ තර්කයක් නැහැ. එහෙනං අපි පළවෙනි පියවර තියනව අපි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව ගෙනාපු විශ්වාසභංගය ඉදිරියට ගෙනියනවා. ඒක පළමුව විවාදයට ගන්න ඕනි. ඒකට සහය දෙන සියළුම පාර්ශ්වයන් අපි එකතු කර ගන්නවා. දෙවනුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනආපු විස්වාසභංග යෝජනාව.. ඒකෙ කරුණුත් එක්ක ඒකට සහය දීමට කටයුතු කරන්න පුළුවන්..”
No comments:
Post a Comment