අණ නොතකා ධාවනය කළ යාත්‍රාවකට නාවික හමුදාව විසින් වෙඩි තැබුවේ යයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලන උවමනාවක් ඉටුකිරීම සඳහා බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
එමඟින් නාවික හමුදා සෙබළුන් සෙබළුන් අධෛර්යමත් වන බවද ඔහු සඳහන් කළේය.
බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් සිදු වුයේ බුද්ධි අංශ දුර්වල වී පාස්කු දින ප්‍රහාරයට මග පෑදීම බවත් ඔහු සඳහන් කළේ ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මහබැංකු අධිපතිවරයා වත් නොදැන ආණ්ඩුව විසින් විදේශ විනිමය පනත සංශෝධනය කළ හේතුවෙන් ත්‍රස්තවාදී අරමුදල් ලංකාවට ගෙන එන බවත් හිස්බුල්ලා විසින් ගෙන ආ මුදල් ආණ්ඩුව නීති වෙනස් කර ඇති නිසා සොයා ගැනීමට ද නොහැකි වී ඇතැයි ද ඔහු කියා සිටියේය.
මෙම කරුණු සලකා බලද්දී නැවතත් දෙවන වරටද ප්‍රහාරයක් සිදු වීමට ඉඩ දී ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උපක්‍රමයකින් ආණ්ඩුව කටයුතු කරනවා දැයි සැක පවතින බවද ඔහු සඳහන් කළේය.
Sunday, September 15, 2019
ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන්න ඉඩ දී ජනාධිපතිවරණය කල් දමන උපක‍්‍රමයක්..?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment