ගෝඨාභය පරදා ජනාධිපති වීම ඉතා පහසුයි.. පහසුවෙන් ජනාධිපති වෙන්න එජාපයේ උණුසුම් තරගයක් තිබෙනවා.. බල පොරයක් නෑ - රංජන් රාමනායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 17, 2019

ගෝඨාභය පරදා ජනාධිපති වීම ඉතා පහසුයි.. පහසුවෙන් ජනාධිපති වෙන්න එජාපයේ උණුසුම් තරගයක් තිබෙනවා.. බල පොරයක් නෑ - රංජන් රාමනායක

ක්සත් ජාතික පක්ෂයේ මේ වන විට ඇත්තේ බල පොරයක් ජනාධිපති අපේක්‍ෂක ධූරය සඳහා තරගයක් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.

එම තරඟය ඇතිවී තිබෙන්නේ විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට ඉතා පහසු අපේක්ෂකයෙක් වීම නිසා බව ද ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පහසුවෙන් පරාජය කර ජනාධිපති වීමට හැකි නිසා මෙම උණුසුම් තරඟය එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වී තිබෙන්නේ ද ඔහු පැවසීය.

කෙසේවෙතත් නියම මොහොතේදී සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට පක්ෂය කටයුතු කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍යවේදීන් කල විමසීමකදී රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad