කොළඹ නගරයේ සිටින හා පිට පළාත්වලින් කොළඹට එන සෑම පුද්ගලයකුම දිනකට කුණු කසළ ග්රෑම් 850ක් පරිසරයට බැහැර කරන බව අලුත්ම සමීක්ෂණ වාර්තා මගින් සොයා ගෙන තිබෙන කරුණක්. එසේම බස්නාහිර පළාතේ හා ඒ අවට ප්‍රධාන නගරවලට ද ඒ ගැටලුව ඇති අතර ඒ අනුව ඒ නගරවලට එන පුද්ගලයකු පොදුවේ දවසකට අපද්‍රව්‍ය ග්රෑම් 700 – 750 ප්‍රමාණයක් ඉහත නගරවලට බැහැර කරනු ලබන අතර, අර්ධ නගර හා ග්‍රාමීය ප්‍රදේශවල එක් පුද්ගලයකුගේ කසළ බැහැර කිරීම ග්රෑම් 500 – 300 දක්වා අතර අගයක් ගනු ලබන බවයි හෙළිවී ඇත්තේ.
පසුගිය කාලය පුරාවටම කසල නිසි කළමනාකරනයකින් තොරව ඔහේ දැ කිසියම් හෝ ස්ථානයක තාවකාලිකව ගොඩ ගැසීම නිසා ඛේදවාචකයක් වූ බව මීතිටමුල සිදුවීමෙන් අපට ගත හැකි උදාහරණ වේ. මැතිවරණ කාලයට විවිධ පොරොන්දු දී බලයට පත් වූවත් කොළඹ සහ තදාසන්න නගරවල එකතුවෙන කසල ප්‍රමාණයට විසඳුම් සොයා ගැනීමට ඒ ඒ නග සභා සහ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන්, සභාපතිවරුන් මෙන්ම නගරාධිපතිවරුන්ද තවමත් සමත් වී නැත.
එහෙත් කසල කළමනාකරනයට යැයි කියමින් පිටරට සවාරි වල කරක් ගැසීම නම් ඔවුන් වාර්ෂිකව සිදුකරනු ලබන ක්‍රියාවලියකි.
කරුණු මෙසේ සිදුවෙද්දී 2017 අප්‍රේල් 14 වැනිදා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් පසු මීතොටමුල්ලට කසල බැහැර කිරීම නැවැත්වීමෙන් පසුව කොළඹ ඇතුළු තදාසන්න නගරවල තැනින් තැන කසළ කුණු ගොඩගැහෙන්නට විය. එම ගැටලුව තාවකාලික විසඳුම් ලෙස බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් මෙම වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ ඉඩමක් කොළඹ කසළ දැමීමට අවුරුද්දකට පමණ කාලයකට ලබාදෙන ලදී.
ඉන්පසුව තවදුරටත් කසල සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක අවශ්‍යතාවය දැනුනු හෙයින් ඒ සඳහා සුදුසු ක්‍රියාවලියක් කෙරෙහි වැඩකටයුතු සකස් කරන්නට සහ වැඩපිළිවෙලක් එළි දක්වන්නට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංයට වගකීමක් භාර දීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව කැමැත්ත පළකොට ඒ සඳහා වැඩකටයුතු සිදු කෙරුණි.
ඒ අනුව මෙරට ඉදිවන විශාලතම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ලෙස හැඳින්විය හැකි අරුවක්කාලු මහා පරිමාණ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මඟින් දිනකට අපේ රටේ කුණු මෙට්‍රික් ටොන් 1200 පමණ කළමනාකරණය කිරීමට වැඩකටයුතු සූදානම් කර එම වැඩපිළිවෙල සකස් වී ඇත.
අවශ්‍ය සියලු පාරිසරික හා අනෙක් පහසුකම් ඉටු කර අරුවක්කාලු කසළ අංගණයට පරිසර හිතකාමී අයුරින් දුම්රිය මඟින් කසළ ගෙන යාමටත්, කසළ මෙට්‍රික් ටොන් 1200 ක් දැමීමටත් හැකි අයුරින් 2020 මාර්තු මාසයේ සිට අරුවක්කාලු කසළ අංගනයේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කරන බවටයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපෘතියේ අපද්‍රව්‍ය කළමනාකරණය ආරම්භ වන්නේ කැලණියේ පිහිටුවන පරිසර හිතකාමි අපද්‍රව්‍ය රැඳවුම් හා හුවමාරු මධ්‍යස්ථානයෙනි. එයට රැගෙන එන්නේ කොම්පෝස්ට් කිරීමට බැරි දිරන්නේ නැති හා ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ නොහැකි අපද්‍රව්‍ය පමණි. ඊට පසු ඒ අපද්‍රව්‍යය මුලින් ම දැඩි පීඩනයකට ලක් කරනු ලැබේ. එවිට එන කුණු වතුර නළ මඟින් කැලණියේ ම ඉදිකරන පිරිපහදු මධ්‍යස්ථානයකට යොමු කෙරේ. පසුව මේ ජලය මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතියට පිරිසුදු කර මුදා හරිනු ඇති.
ඉන්පසු එම අපද්‍රව්‍ය මෙම අපද්‍රව්‍ය ප්‍රවාහනයට මෙරටට ගෙන්වන සුවිශේෂ බහලුම් වලට දමනු ලැබේ. ඒවා සම්පූර්ණ ලෙස ආවරණය කර තිබේ. කුණු ප්‍රවාහනයට සෞඛ්‍ය අංශ අනුමත කර ඇති මේ කන්ටේනර් පසුව අදාළ දුම්රිය තට්ටු මත ස්ථානගත කරනු ලැබේ. කැලණිය අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානය මඟින් පිටවන අප ජලය හා අපද්‍රව්‍යවල දුර්ගන්ධය පිටට යෑම වැළැක්වීමට එම ස්ථානය සම්පූර්ණ ලෙස ආවරණය කරනු ලැබේ. දුගද අවශෝෂණය කර ගැනීමට ද සුදුසු කටයුතු කරනු ඇත.
අරුවක්කාලු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු මහතා පවසන පරිදි මේ අනුව කැලණිය අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයේදිත් අපද්‍රව්‍ය කන්ටේනර් මඟින් ප්‍රවාහනයේදිත් කිසිම පරිසර හානියක් හෝ ජනතාවට අහිතකර බලපෑමක් හෝ සිදු නොවේ. පසුව මෙම කන්ටේනර් හෙවත් බහලුම් අරුවක්කාලුවලට දුම්රියෙන් ගෙන එනු ලැබේ. පසුව දුම්රියෙන් ට්‍රක් රථවලට පටවන මේ බහලුම් පසුව අරුවක්කාලු කසළ අංගණයට දමනු ලැබේ.
මෙම අරුවක්කාලු යන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ජන ශුන්‍ය ප්‍රදේශයකය. ඒ ප්‍රදේශයේ සිට ළඟම පිහිටි ගම්මානයට මීටර් 500 – 600 දුරය. ඒ නිසා මෙම කසළ අංගණයේ අපද්‍රව්‍යවල කිසිම බලපෑමක් ඒ ජනතාවට හෝ ඔවුන්ගේ ළිං වලට හා භූගත ජලයට ඇති වන්නේ නැත.
එමෙන්ම අරුවක්කාලු සනීපාරක්ෂක කසළ අංගණය යට කසළ දමන බිමට කසළවල අප ජලය භූගත ජලයට මිශ්‍ර නොවීමට මීටරයක් පළල ජල පරිවාරක ආරක්ෂිත ස්තර කිහිපයක් අතුරනු ලැබේ.
No comments:
Post a Comment