ඇල්පිටිය ප්‍රාදේශී සභාවේ ඡන්ද විමසීම කල් දැමීමේ සූදානමක් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
දැනටම එක්සත් ජාතික පක්ෂයේ සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක එක් වී ඇල්පිටිය ප්‍රදේශයේ සමීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි ප්‍රතිඵලය මත මැතිවරණය කල්දැමීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව පාර්ශව කිහිපයක් අධිකරණයට කරුණු දැක්වීමට සූදානමින් සිටින බවයි.
ඇල්පිටිය මැතිවරණය පැවැත්වීම මගින් ජනාධිපතිවරණයට අනිසි බලපෑමක් වේ යැයි ඔවුන් තර්ක කරන අතර ජනාධිපතිවරණය පවත්වන දිනයේදී හෝ ඊට පසු දිනෙක එම මැතිවරණය පැවැත්විය යුතු බව එම පිරිසිය අදහස වී ඇත.
Sunday, September 15, 2019
ඇල්පිටිය ඡන්දය කල් දමයි..?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment