සජිත්ට එජාප අපේක්‍ෂකත්වය දිය යුතුයි.. සජිත් වෙනුවෙන් ගම්මන්පිල පෙරට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 22, 2019

සජිත්ට එජාප අපේක්‍ෂකත්වය දිය යුතුයි.. සජිත් වෙනුවෙන් ගම්මන්පිල පෙරට..

අපේ පිලේ ඇතිවුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහනය එක්සත් ජාතික පාක්ෂිකයන්ට ද හිමිවිය යුතුයි. අපේ පාක්ෂිකයන් බහුතරයකගේ ඉල්ලීම වුණේ අපේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වියයුතු බවයි. ඒ බහුතර ඉල්ලීමට අපේ පැත්තෙන් ඉඩ හිමිවුණා.

එමෙන්ම එජාපයේ බහුතරයේ ඉල්ලීම සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් එතුමාට අපේක්ෂකත්වය ලබා දිය යුතුයි. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එකයි අපේ විශ්වාසය.

දන් දීම ඇරඹිය යුත්තේ ඔබේ නිවසෙනි කියලා කියමනක් තියනවා. ඒ වගේම අපිත් කියනවා එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ඇරඹිය යුත්තේ සිරිකොතෙනි කියලා.

එක්සත් ජාතික පක්ෂ සිටින මගේ පරණ මිත්‍රයා ගරු පාච රණවක ඇමතිතුමා කියනවා අපි ප්‍රජාතන්ත්‍රවාදී පිළයි මේ ලංකා දේශපාලනයේ සිටින කියලා.

පුංචි ඡන්දය වසර තුනක් තිස්සේ කල් දාපු, පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දාපු, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී ජනාධිපතිවරණයද නැතිකිරීමට උත්සාහ දරපු, පක්ෂය තුළ සිටින ජනප්‍රියතම පුද්ගලයාට ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලබානොදෙන, වසර 25ක් එකම පුද්ගලයා නායකත්වයේ එල්ලී සිටින, පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී පිල ලෙසින් හඳුන්වා දීමට පාච රණවක ඇමතිතුමාට ලැජ්ජා නැද්දැයි අපි ප්‍රශ්න කරනවා.

මෙවැනි ප්‍රකාශ කරනවා නම් ඇඳුම් උනා දමා පැමිණෙන්න කියලයි අපට එතුමාට කියන්නට වෙන්නේ.

– අරවින්ද අතුකෝරල

No comments:

Post a Comment

Post Bottom Ad