එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරයකු පත්වූ විට ඔහුට පක්ෂ නායකත්වය හිමි විය යුතුය යන වගන්තිය එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
ඉහත වගන්තිය එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඇත්තේ 1994 වසරේ දී බව පැවසේ.
ඒ එවකට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දී ඇති කරුණු පදනම් කරගනිමින් බවද වාර්තා වේ.
එවකට පැවැති දේශපාලන වාතාවරණය මත එවකට ජනාධිපති ධුරයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගනු ලැබුවේ නම් ඇයට එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිරිනැමීමට සිදු වන බව ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දීමෙන් පසුව මේ වෙනස සිදු කර ඇති බව පැවසේ.
ඒ අනුව ඉහත නීතිමය කරුණ සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහු පක්ෂ නායකත්වයට පත්විය යුතු යැයි යන වගන්තිය 1994 වසරේ දී ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මූලාශ්‍රය - දිනමිණ
Thursday, September 12, 2019
එජාප ව්‍යවස්ථාවෙන් ජනපති පක්ෂ නායකයාවීමේ වගන්තිය ඉවත් කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment