මෛත‍්‍රී වැඩ කලේ සජිත් දිනවන්නයි.. මං ඔහුට නඩු දානවා..- ෆවුසි පොල්ල ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 15, 2019

මෛත‍්‍රී වැඩ කලේ සජිත් දිනවන්නයි.. මං ඔහුට නඩු දානවා..- ෆවුසි පොල්ල ගනී

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා යටින් වැඩ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා සඳහන් කරයි.


සජිත් ප්‍රේමදාස පිරිසිදු හොඳ මනුස්සයෙක් බවත් දූෂණ අල්ලස් චෝදනා ඔහුට නැති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසූ බවද ඔහු සඳහන් කළේය.

තම මන්ත්‍රීධූරය ඉවත් කිරීමට ශ‍්‍රීලනිපයට හැකියාවක් නැති බවත් එම තීන්දුවට විරුද්ධව තමන් නඩු පවරන බව මන්ත්‍රීවරයා පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා කෙසේ හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉවත්කර පාර්ලිමේන්තුවට ඒමට සූදානමින් සිටියද කිසිවෙකු ඔහු වෙනුවෙන් මන්ත්‍රී ධුරය අත්හැරීමට සූදානම් නැති බවද මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad