මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂ නායකත්වය උවමනා යැයි පැවසීම පිළිගත නොහැකි අදහසක් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා මේ බව පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේ කිසිදු පක්ෂයක සාමාජිකත්වය හෝ නොගෙන බවද ඔහු සඳහන් කළේය.
ඒ නිසා පක්ෂය ජයග්‍රහණය කරවීමට නායකත්වය අත්‍යවශ්‍ය යයි ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව බොහෝ රටවල උදාහරණයන් ගත හැකි බව ද ඔහු සඳහන් කරන ලදී.
සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ඉල්ලා විවිධ ප්‍රකාශයක් නිකුත් කරන්නේ ඔහුට විපක්ෂ නායක ධුරය සහ අගමැති අපේක්ෂක ධුරය ලබා දී තිබියදී බව ද මහාචාර්යවරයා පැවසීය.
රනිල් වික‍්‍රමසිංහ මහතා සුදුසු අවස්ථාවේදී සුදුසු නායකයාට ස්ථානය ලබා දෙනු ඇති බවත් දැනටමත් නායකත්වයෙන් සමු ගෙන යාමට ඔහු තීරණය කර ඇති බවත් මන්ත‍්‍රීවරයා එහිදී තව දුරටත් සදහන් කලේය.
Sunday, December 15, 2019
united national party
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment