වූහාන් වීර චාරිකාවේ ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ දරුවන්ට පාසල්වල දොර වසයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 2, 2020

වූහාන් වීර චාරිකාවේ ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ දරුවන්ට පාසල්වල දොර වසයි !

වකොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවෙමින් ඇති චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් රැගෙන එන සඳහා අවදානම් සහගත ගුවන් ගමනක නිරත වූවන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට ඒ ගමන හේතුවෙන් දැඩි අර්බුධකාරී තත්ත්වයකට මුහුණ පාන්නට සිදුව තිබේ.
එම කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුගේම දරුවන්ට පාසල් වලට ඇතුළු වීමට විදුහල්පතිවරුන් විසින් අවසර දී නැත. එමෙන්ම දෙමාපියන්ද විරුද්ධ වී තිබේ.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ කොරෝනා ආසාදිත යැයි සැලකෙන පිරිසක් රැගෙන ඒම හේතුවෙන් ඔවුන්ගෙන් තම දරුවන්ට එම වෛරසය ආසාදනය වේ යයි බිය හේතුවෙනි.

මේ අතර එම කාර්ය මණ්ඩලයේ ඇතැමුන්ට කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් පහසුකම් දීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

හෝටල්වල සහ ඇතැම් පාසල් බලධාරීන්ගේ මේ පහත් ක්‍රියාකලාපය පිළිබදව සමාජ ජාල වල මෙන්ම කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී දැඩි විරෝධය එල්ල විය.


No comments:

Post a Comment

Post Bottom Ad