ඇපත් නැතිවෙන ලකුණු - සුජීව - තිස්ස - රංජිත් - කබීර්- අජිත් - නලින් එපා – රනිල් සජිත් එකඟතාවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 2, 2020

ඇපත් නැතිවෙන ලකුණු - සුජීව - තිස්ස - රංජිත් - කබීර්- අජිත් - නලින් එපා – රනිල් සජිත් එකඟතාවක

එක්සත් ජාතික පක්ෂය ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ මහලේකම් ධුරයට පත් නොකළ යුතු දේශපාලනඥයන් හයදෙනකු සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර එකඟතාවක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා.

රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, තිස්ස අත්තනායක, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, සහ නලින් බණ්ඩාර යන අයගෙන් කිසිවකුත් පත් නොකරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම හයදෙනා කලහකාරීන් වන බැවින් ඔවුන් සමග සාමූහිකව වැඩ කිරීමට නොහැකි බැවින් සන්ධානයේ මහ ලේකම් ධුරයට මෙම කිසිවකුගේ නම් යෝජනා නොකරන ලෙසද වික්‍රමසිංහ මහතා ඉල්ලා ඇති බව වාර්තා වනවා.

එබැවින් ඉහත හයදෙනා හැර වෙනත් අයකුගේ නමක් යෝජනා කර එවන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉල්ලා ඇති අතර ලබන 6 වැනිදා පැවැත්වෙන ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම නම යෝජනා කර සම්මත කර ගැනීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad