චීනයෙන් කොරෝනා පරීක්‍ෂණ කට්ටල 40,000ක් අරන් ගුවන් යානයක් එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 10, 2020

චීනයෙන් කොරෝනා පරීක්‍ෂණ කට්ටල 40,000ක් අරන් ගුවන් යානයක් එයි

කොරෝනා අසාදිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල 20,000 සහිත ගුවන් යානයක් අද චීනයේ ෂැංහයි සිට මෙරට බලා පිටත් වීමට නියමිතය.

එම විශේෂ ගුවන් යානය අද රාත්‍රියේදී කටුනායකට පැමිණීමට නියමිතය.
මේ අතර තවත් පරීක්ෂණ 20,000ක් ලබන සතියේදී මෙරටට චීනයෙන් ලැබීමට නියමිතය.

මෙම සියළු පරිත්‍යාගයන් ලොව පලමු පෙලේ ව්‍යාපාරයක් වන ‘අලිබබා’ සභාපති චීන ජාතික ජාක් මා විසින් සිදු කරන ලද ඒවාය.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් මේ බව සඳහන් කලේය.

මීට පෙරද චීනය විසින් ශ‍්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කරන ලදී.

එමෙන්ම ඩොල්ර් බිලියන එකහමාරක පමණ මුදල් ආධාරද චීනය විසින් ආසන්න දින කිහිපයේදී ශ‍්‍රී ලංකාවට ලබා දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad