නාවලපිටියේ පුපුරුවා හැරීමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 7, 2020

නාවලපිටියේ පුපුරුවා හැරීමක් !

නාවලපිටිය පොලිස් වසමට අයත් මා වතුර දඹගල්ල ප්‍රදේශයේ  කොත්මලාඔයේ ඉවුරේ ගල් බෙනයක  තිබි පුපුරන ද්‍රව්‍යය රැසක් (06) දින පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එච්.පි.කළුගම්පිටිය මහතා පැවසිය.

කොත්මලේ ජලාශයට පහලින් වු කොත්මලාඔයේ ඉවුරේ ගල් බෙනයක පුපුරන ද්‍රව්‍යය රැසක් ඇති බවට එම ඔයේ දිය නැමට ගිය තරුණයන් පිරිසක් විසින් දැක ඒ බැව් නාවලපිටිය පොලිසිය වෙත දැනුම්දිමෙන් පසු පුපුරන ද්‍රව්‍යය තොගය සොයාගෙන ඇත.

ගල් බෙනයක තිබු ඩෙටිනේටර් 99 ක් , සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍යය කිලෝ 1 කට ආසන්න ප්‍රමාණයක් සහ යුධ හමුදා විසින් උත්සව අවස්තාවල භාවිතා කරනු ලබන දුම්බොම්බ අටක්ද  සොයාගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ගල්බෙනයේ තිබි හමු වු ඩෙටිනේටර්  99  මහනුවර පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරේ පොලිස් නිලධාරින් විසින් ආරක්ෂිත හේතුන් මත එම ස්ථානයේදිම පුපුරවා විනාශ කර ඇත.

හමු වු සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍යය කිලෝ 1 කට ආසන්න ප්‍රමාණයක් සහ දුම්බොම්බ 8 වැඩිදුර පරික්ෂණ සදහා නාවලපිටිය පොලිසිය වෙත භාර දි ඇත.

ගල් බෙනයේ තිබු පුපුරන ද්‍රව්‍යය කිසියම් පිරිසක් විසින් රැගෙන විත් සගවන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් සැකකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad