මන්නාරම දිස්ත‍්‍රික්කයේ ජනතාව, පාසල් සිසුන් හා ආරක්ෂක අංශ කොරෝනා වසංගතයෙන් මුදා ගැනීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡුා කිරීම සදහා මන්නාරම දිසාපති එස්. මෝහනදාස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 13 දා පැවති විශේෂ සාකච්ඡුාවකදී ආරක්ෂක අංශ නිලධාරීන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග රැුසක් සාකච්ඡුා කොට තිබේ.
ඉන්දියාව තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑමත්, මරණ සංඛ්‍යාව වාර්තාගත අන්දමට ඉහළ යෑමත් නිසා මන්නාරම තලෙයිමන්නාරම යන පළාත්වලට ඉන්දියාවේ කොරෝනා අවදානම ඉතා පහසුවෙන් ළගා විය හැකි බව ආරක්ෂක අංශ විසින් පෙන්වා දී තිබේ.
නීති විරෝධී ජාවාරම්කරුවන් ඉන්දියාවේ සිට බෝට්ටු ආධාරයෙන් මන්නාරමට පැමිණීමත් ඉන්දීය ධීවරයින් මන්නාරම පළාතට පැමිණීම වැඩිවීමත් සමගම කොරෝනා වසංගතයේ අවදානම් සහගත තත්ත්වය වැඩි වී තිබේ.
මුහුදු මගින් පැමිණෙන පිරිස පාලනය කිරීමේදී නාවික හමුදාවට වැඩි කාර්ය භාරයක් සිදු කිරීමට හැකි අතර සෙසු ආරක්ෂක අංශ ඒ පිළිබදව දැඩි අවධානය යොමු කරවීමට මේ සාකච්ඡුාවේදී තීරණය වී තිබේ.
මේ වන විට මන්නාරමේ රජයේ පාසල් සියල්ලම විවෘත කොට තිබීම නිසා පාසල් සිසුහු විශාල ප‍්‍රමාණයක් මන්නාරම නගරයේ හැසිරෙති. ඔවුන්ට කොරෝනා වෛරස් රෝගය පිළිබදව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ලවා උපදෙස් දීමට ද තීරණය කොට ඇත.
වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයකු පලාගොස් මන්නාරම දුම්රිය ස්ථානයේ රැු`දී සිටීමත් සමගම මන්නාරමේ කොරෝනා අවදානම පිළිබඳව කතා බහ වැඩි වී තිබේ.
No comments:
Post a Comment