මෙරට දී හමුවු ආසාදිතයින් ගණන 10 000 ඉක්මවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 30, 2020

මෙරට දී හමුවු ආසාදිතයින් ගණන 10 000 ඉක්මවයි

අද (30) පස්වරුවේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 314ක් හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ් නයිටීන් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගියේය.

අද දින මේ දක්වා හඳුනාගත් ආසාදිතයින්ගෙන් 259ක් පෑලියගොඩ සහ ධීවර වරායන්වල ආශ්‍රීතයින් බවත් අනෙක් 55දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවත් වාර්තා වේ.

එසේම මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 6,627කි.

මේ දක්වා මෙරටින් හමුවී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගෙන් 5,804 දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ වනවිට, 4,282ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad