නුවරයි කොළඹයි හෝටල්වලට අරන් ගිහින් 15 හැවිරිදි සිසුවාට අතවර කරපු ටියුෂන් ගුරුවරිය අත්අඩංගුවට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 14, 2020

නුවරයි කොළඹයි හෝටල්වලට අරන් ගිහින් 15 හැවිරිදි සිසුවාට අතවර කරපු ටියුෂන් ගුරුවරිය අත්අඩංගුවට.

පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් සැකපිට 27 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පිරිමි දරුවාගේ මව විසින් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබිණි. මෙම පිරිමි දරුවා සැකකාරිය විසින් සිය නිවසේ පවත්වාගෙන ගිය බවට කියන උපකාරක පන්තියට යමින් සිට ඇත. මේ මස 6 වැනිදා උපකාරක පන්තියට සහභාගි වූ පිරිමි දරුවා නිවසට නොපැමිණීම හේතුවෙන් එම දරුවාගේ මව උපකාරක පන්තිය පවත්වන නිවසට ගොස් තිබේ. එහි දී සැකකාරියගේ මව පවසා ඇත්තේ ඈ නිවසේ නැති බවය. ගුරුවරියත් පුතත් නැති බව දැනගෙන පොලිසියට ඒ සම්බන්ධව පැමිණිලි කළ බවත් පවසා ඇත. පසුව වහාම ක‍්‍රියාත්මක වූ වැලිගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාරිය විසින් පිරිමි ළමයා ලිංගික කටයුත්තක් සඳහා රැුගෙන ගොස් ඇති බවය.

පසුව 12 වැනිදා වැලිගම පොලිසියේ දැන්වීම මත පිරිමි ළමයාත් සැකකාරියත් පොලිසියට ඉදිරිපත් වී ඇත. මෙහිදී පිරිමි ළමයා ප‍්‍රකාශ කර ඇත්තේ සැකකාරිය තමා කොළඹ සහ නුවර ප‍්‍රදේශවල හෝටල්වලට ගෙන ගිය බවයි. මෙම ප‍්‍රකාශ මත පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කු

-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad