කොරෝනාවට එරෙහිව ඔක්ස්ෆර්ඞ් එන්නත 2021 වසර මුල වෙළෙදපොළට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 14, 2020

කොරෝනාවට එරෙහිව ඔක්ස්ෆර්ඞ් එන්නත 2021 වසර මුල වෙළෙදපොළට.

 

කොරෝනාවට එරෙහිව නිපදවා ඇති ඔක්ස්ෆර්ඞ් ප්‍රතිශක්තිකරන එන්නත  තෙවැනි අදියරේ ප‍්‍රතිඵල ලබන නොවැම්බර් දෙසැම්බර් කාලයේදී ලැබුණහොත් ඉක්මනින්ම 2021 වසර මුල වෙළෙදපළට නිකුත් කරනු ඇතැයි ඉන්දීය පුවත්පත් වාර්තා කරයි.

ලෝකයේ විශාලම ඖෂධ නිපදවීමේ සමාගමක් වන 'සේරම් ඉන්ස්ටිටුට් ආයතනය' මේ සදහා සූදානමින් සිටී. 2016 කුරුළු උණ සදහා එන්නත නිපදවනු ලැබුවේද මේ සමාගම විසිනි.

යුරෝපයට හා ඇමෙරිකාවට ඉදිරියේදී උදා වන ශීත කාලගුණයත් සමග කොරෝනා වසංගතය යළිත් පැතිර යාමේ ඉඩක් ඇති නිසා ඔක්ස්ෆර්ඞ්  ප්‍රතිශක්තිකරන එන්නත  තෙවැනි අදියරේ ප‍්‍රතිඵල ගැන ලෝකයේ වෛද්‍ය විශේෂඥයෝ බලාපොරොත්තුවෙන් සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad