20ට අත් ඉස්සූ අයට පුටු දෙන්නත් එපා : කිරිඇල්ල කතානායකට ලියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 29, 2020

20ට අත් ඉස්සූ අයට පුටු දෙන්නත් එපා : කිරිඇල්ල කතානායකට ලියයි

 
20 වන සංශෝධනයට පක්ෂව ජන්දය භාවිත කළ පිරිස සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කොට ඇති අතර ඔවුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්‍ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන මෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් කතානායකවරයාට යැවූ ලිපිය මෙසේය.

ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා

කථානායක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

සමගි ජන බලවේගයෙන් නෙරපන ලද මන්ත්‍රීවරුන්හට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීම.

පහත නම් සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් තීරණය කොට ඇති අතර ඔවුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්‍ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලමි.   

1.ගරු ඩයනා ගමගේ මැතිතුමිය
2.ගරු ඒ. අරවින්ද් කුමාර් මැතිතුමා
3.ගරු ඉෂාක් රහුමාන් මැතිතුමා
4.ගරු ෆයිසාල් කාසිම් මැතිතුමා
5.ගරු එච්.එම්.එම්. හාරීස් මැතිතුමා
6.ගරු එම්.එස්. තවුෆීක් මැතිතුමා
7.ගරු නසීර් අහමඩ් මැතිතුමා
8.ගරු ඒ.ඒ.එස්.එම්. රහීම් මැතිතුමා
9.ගරු එස්. එම්. එම්. මුෂාරෆ් මහතා

ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.
විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක

No comments:

Post a Comment

Post Bottom Ad