මිනුවන්ගොඩ පාලනයේ.. නව කොරෝනා රෝගීන් නෑ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 30, 2020

මිනුවන්ගොඩ පාලනයේ.. නව කොරෝනා රෝගීන් නෑ..

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව මූලික කරගෙන ඇති වූ කොරෝනා පොකුරෙන් ආසන්න දින කිහිපයේදි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කිසිදු කොරෝනා ආසාදිත බව වාර්තා වී නැත.

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා මේ බව සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රදේශවාසීන් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම සහ එම ප්‍රදේශය පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම මීට හේතු වී ඇති බවයි.

කෙසේ නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ තුළින් තවදුරටත් හමුවන ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට රෝහල් කිහිපයක්ම වෙන් කර ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad