ටියුෂන් ගිය පිරිමි දරුවාව ගුරුවරිය ලිංගික කටයුත්තක් සඳහා රැගෙන ගිහින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 14, 2020

ටියුෂන් ගිය පිරිමි දරුවාව ගුරුවරිය ලිංගික කටයුත්තක් සඳහා රැගෙන ගිහින්

සැකකාරිය විසින් පිරිමි ළමයා ලිංගික කටයුත්තක් සඳහා රැගෙන ගිහින්

පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් සැකපිට 27 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පිරිමි දරුවාගේ මව විසින් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබුණා.

මෙම පිරිමි දරුවා සැකකාරිය විසින් සිය නිවසේ පවත්වාගෙන ගිය බවට කියන උපකාරක පන්තියට යමින් සිට ඇති බව වාර්තා වනවා.

මේ මස 6 වැනිදා උපකාරක පන්තියට සහභාගි වූ පිරිමි දරුවා නිවසට නොපැමිණීම හේතුවෙන් එම දරුවාගේ මව උපකාරක පන්තිය පවත්වන නිවසට ගොස් ඇති අතර එහි දී සැකකාරියගේ මව පවසා ඇත්තේ ඈ නිවසේ නැති බවයි.

පසුව වහාම ක‍්‍රියාත්මක වූ වැලිගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාරිය විසින් පිරිමි ළමයා ලිංගික කටයුත්තක් සඳහා රැගෙන ගොස් ඇති බවයි.

පසුව 12 වැනිදා වැලිගම පොලිසියේ දැන්වීම මත පිරිමි ළමයාත් සැකකාරියත් පොලිසියට ඉදිරිපත් වී තිබුණා.

මෙහිදී පිරිමි ළමයා ප‍්‍රකාශ කර ඇත්තේ සැකකාරිය තමා කොළඹ සහ නුවර ප‍්‍රදේශවල හෝටල්වලට ගෙන ගිය බවයි. මෙම ප‍්‍රකාශ මත පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad